Home සෞඛ්‍ය පුවත්කොවීඩ් - 19 දැඩිසත්කාර ඒකකයේ සිටි අජිත් රෝහණ මහතාගේ වත්මන් තත්වය

දැඩිසත්කාර ඒකකයේ සිටි අජිත් රෝහණ මහතාගේ වත්මන් තත්වය

by Gossip Lanka News
0 comment 1,028 views
දැඩිසත්කාර ඒකකයේ සිටි අජිත් රෝහණ මහතාගේ වත්මන් තත්වය Skyylk

කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිත වූ අජිත් රෝහණ මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ මහතා කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට මෑතක් වන තුරුම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.

දින කිහිපයකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළා අජිත් රෝහණ මහතා මෙරට පළමු කොවිඩ් රැල්ලේ සිට මෙරට covid 19 මර්දනය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ අයෙක්.

මෙරට 19 මර්දනය වෙනුවෙන් කැපවී කටයුතු කළ කළ අජිත් රෝහණ මහතාට ගෙන අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept