Home සෞඛ්‍ය පුවත්කොවීඩ් - 19 ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැතිරී ඇත්දැයි සොයන්න පරීක්ෂණ

ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැතිරී ඇත්දැයි සොයන්න පරීක්ෂණ

by Gossip Lanka News
0 comment 390 views
ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැතිරී ඇත්දැයි සොයන්න පරීක්ෂණ Skyylk

ඉන්දියානු ඩෙල්ටා කොරෝනාවෛරස ප්‍රභේදය කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් පිටතට පැතිරීම වැළැක්වීමට සියලු ම ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු බලධාරීන්ට උපදෙස් දී තිබේ.

අමාත්‍යවරිය මෙම උපදෙස් දී ඇත්තේ, ඊයේ (ජූනි 18) පැවති කොවිඩ්-19 මර්දනය සඳහා වූ ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේදී ය. 

ඒ අනුව, එම ප්‍රදේශ හුදෙකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් සමග සම්බන්ධතා පැවැත් වූ අශ්‍රිතයින් පරීක්ෂා කිරීමටත් තීරණය කර ඇත.

එමෙන් ම, දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වූ පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහි දී උපදෙස් දී තිබේ.

තව ද මෙම පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය සියලු ම භෞතික සහ මානව සම්පත් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ට ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept