Home » උද්‍යානයේ සිටින සිංහයින් කීප දෙනෙකුටම නොනවතින කැස්සක්

උද්‍යානයේ සිටින සිංහයින් කීප දෙනෙකුටම නොනවතින කැස්සක්

by SKYY NEWS | SRI LANKA
0 comment 688 views
උද්‍යානයේ සිටින සිංහයින් කීප දෙනෙකුටම නොනවතින කැස්සක්

“උද්‍යානයේ හිටි සිංහයින් කීප දෙනෙකුටම නොනවතින කැස්සක් කෑම අරුචිය ඇති බව අපි නිරීක්ෂණය කරා. ඒ නිසා හිටිය එකොලොස්දෙනාගෙන්ම රුධිර සාම්පල වගේම නාසික, ගුද මාර්ග හා මල සාම්පල ලබාගෙන මධ්ය ප්‍රදේශ්වල බෝපාල් ජාතික අධි ආරක්ෂඛ රෝග ආයතනයට යැව්වා.. ඒ පරීක්ෂණවලින් හෙළි වුණා සිංහයින් නම දෙනෙකුට කොවිඩ් රෝගය වැළඳිලා කියලා..”

චෙන්නායි සත්වෝද්යානයේ ප්‍රකාශකයෙකු පවසන්නේ ය.

ලෝකයේ පවතින කොවිඩ් 19 වෛරස ප්‍රබේදවලින් මේ වන විට වඩාත් භයානකම වයිරසය ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ පවතින ඩෙල්ටා වයිරසයයි. මිනිසුන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් ඩෙල්ටා වයිරස් ප්‍රබේදය නිසාවෙන් මිය ගොස් ඇති අතර එයින් සතුන් ද මිය යන තත්ත්වයක් ඇති වී තිබේ.

ඉන්දියාවේ චෙන්නායි හි වන්ඩාලූර්වල පිහිටි අරිග්නාර් ඇනා සත්වෝදනයේ සිටින සිංහයින් 9 දෙනෙකුට කොවිඩ් 19 වසංගතය වැළඳී ඇති බව ජූනි මස මුල දී හඳුනා ගන්නා ලදී.

ඔවුන් අතර සිටි ‘පත්මනාතන්’ නම් සිංහයා ගෙවුණු බදාදා දිනයේදී මිය ගියේ ප්‍රතිකාර ලබමින් සිටිනා අතරතුරය. ජූනි 16 වැනිදා උදෑසන 10.15ට පමණ 12 හැවිරිදි වියේ පසු වූ මෙම සිංහයා මිය ගිය බව සත්ත්වෝද්යානය තහවුරු කළේය.

මේ අතරතුර නව හැවිරිදි වියේ පසු වූ සිංහ ධේනුවක් ද කොවිඩ් නිසාවෙන් මිය ගොස් තිබේ.

ජූනි තුන්වෙනිදා නීලා නැමැති ඇය අපහසුවෙන් හුස්ම ගන්නා බව හඳුනාගත් බලධාරීන් වහාම ඇයට ප්‍රතිකාර ආරම්භ කළත් ඇය බේරා ගැනීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

“සිංහයින් හතරදෙනෙකුගේ සාම්පල් ලෝක සංවිධානය නම් කළ අන්දමින් ඩෙල්ටා ප්‍රභේදය බව තහවුරුවුණා..” සාම්පල් පරීක්ෂාව සිදු කළ බෝපාල් හි එන්. අයි .එච්. එස්. ඒ. ඩී ආයතනයේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

චෙන්නායිවලින් කොවිඩ් 19 වෛරසය ශරීරගත වූ සිංහයින් සම්බන්ධයෙන් වාර්තා වෙන්නට මත්තෙන් හයිද්‍රාබාද්හි නේරු සත්වෝද්යානයේ සිංහයින් අට දෙනෙකු පිළිබඳ වාර්තා විය.

සිංහයින් හතරක් හා සිංහ ධේනුවන් හතර දෙනෙකු රෝගයට ගොදුරු වී සිටි අතර සාමාන්ය කොවිඩ් රෝග ලක්ෂණ ඔවුන්ගෙන් ද දිස් වුණේ උණ ද සමඟිනි.

ඉන්දියාවේ සත්වෝද්යානයකින් හෝ වේවා ගෘහාශ්‍රිත හෝ වේවා කොවිඩ් රෝගය වැළඳුණු සත්ත්වයෙකු පිළිබඳ වාර්තා වූ පළමු අවස්ථාව මෙය විය.

මේ වන විට සිංහයින් අට දෙනාම සුවයෙන් පසුවෙන අතර දින 14ක් ගෙවෙද්දී ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ බව සත්වෝද්යානයේ වෛද්‍ය හකීම් මහතා පැවසීය.

“දින හතක් සිංහයින් අවශ්ය ප්‍රතිකාර ලබා දුන්නා. ඉන්පස්සේ ඔවුන්ම සුවපත් වුණා. ඒත් වැඩි හොඳට අපි තවත් දින පහක් වැඩිපුර ඔවුන් අධ්‍යනය කරමින් ප්‍රතිකාර කලා..”

රාංචි ප්‍රදේශයේ භගවන් බිර්සා උද්යානයේ සිටි කොටියෙකු දීර්ඝ කාලීන අබාධයක් හේතුවෙන් මිය ගිය අතර බෙංගාල ව්‍යාඝ්‍රයන් පස් දෙනෙකු ඇතුළුව කොටි දොළොස් දෙනෙකුට පී.සි.ආර් පරීක්ෂණ සිදු කළ ඇති අතර ඒ සියල්ල ‘සෘණාත්මක’ ලෙස සටහන්ව තිබිණි.

“ඔවුන් කිසිවෙකුට කොවිඩ් රෝගය වැළඳිලා තිබුණේ නෑ.” සත්ත්වෝද්යානයේ අධ්‍යක්ෂක වයි. කේ දාස් පැවසීය.

පළමුවරට සත්ත්වයෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වූ බව හෙළි වූයේ 2020 වසරේ ජූලි මාසයේදී එංගලන්තයෙනි. නිවසක සිටි පූසෙකුට වයිරසය අසාදනය වී තිබිණි.

අනතුරුව ගෘහාශ්‍රිත පූසන් හා බල්ලන් කිහිප දෙනෙකුම කොවිඩ් වයිරසය වැළඳී ඇති වගට තහවුරු විනි.

නිව්යෝර්ක් හි සත්වෝද්‍යානයක කොටියෙකුට ද වෛරසය වැළඳී තිබුණේ ගෘහාශ්රීත සතුන්ට පමණක් නොව සත්වෝද්‍යානය සතුන්ට ද රෝගය වැළඳෙන බව පෙන්වා දෙමිනි.

පසුව සැන් ඩියාගෝ සත්වෝද්යානයේ ගෝරිල්ලන් අට දෙනෙකුට වෛරසය අසාදනය වී තිබුණේ වානරයින්ට කොවිඩ් වැළඳුනු ප්‍රථම අවස්ථාව සටහන් කරමිනි.

2020 වසරේදී සත්ත්වයින් ගණනාවකටම රෝගය වැළඳුණු අතර මේ වන විට එම තත්ත්වය වඩාත් වර්ධනය වෙමින් ඇත. සත්ත්ව විද්‍යාඥයන් සඳහන් කළේ බිළාල කුලයේ සතුන්ට වයිරසය අසාදනය විමේ වැඩි ප්‍රතිශතයක් තිබෙන බවයි.

“ හරියටම මේ කාරණාව තහවුරු කරන්න බැරි වුණත් මේ වන විට සිදු කළ අධ්‍යයනවලින බිළාල කුලයට වැඩි බලපෑමක් තියෙන බව කියන්න පුලුවන්.

විශේෂයෙන්ම සත්වෝද්‍යානයේ ඉන්න සිංහයින් ජානමය වශයෙන් දුර්වල නිසා ඔවුන්ට වයිරසය වැළදීමේ වැඩි අවදානමක් තියෙනවා…”
මධ්‍ය ප්‍රදේශ්හි අතිරේක ප්‍රධාන වන සංරක්ෂක ජේ. චෞහාන් පවසයි.

ඉන්දියාවේ සත්වෝද්යානවල සිටින සිංහයින්ට වයිරසය වැළදී ඇත්තේ ඔවුන් රැක බලා ගත් පුද්ගලයින්ගෙන් බවට මේ වන විට තහවුරු කර ගෙන තිබේ.

මිනිසුන්ගෙන් සතුන්ට බෝ වේනම් සතුන්ගෙන් මිනිසුන්ට බෝ වේද යන්න ගැටළුවකි.

මෙම ගැටළුවට ලුඩියානාවේ සත්ත්ව ජෛව තාක්ෂණ විද්‍යාලයක් වන ගුරු අන්ගද් දෙව් වෛද්‍ය හා සත්ත්වවිද්‍ය විශ්ව විද්‍යලයේ ප්‍රධාන ආචාර්ය වයි එස් මලික් මහතා පිළිතුරු දී තිබිණි.

“නෙදර්ලන්තයේ ගොවිපලවල් 16ක් සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයකදී කොවිඩ් 19 වයිරසය අසාදනය වුණු සතුන් මෙන්ම මිනිසුන් විශාල සංඛ්‍යාවක් අඳුනා ගත්තා.

එහිදී මෙම රෝගය මිනිසුන් විසින් සතුන්ට බෝ කර ඇති බව අඳුනා ගත්තා. කොහොම වුණත් සිදු කරන ලද අධ්‍යනවලින් පස්සේ සතුන්ගෙන් මිනිසුන්ටත් වයිරසය බෝ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්.”

මෙම තත්ත්වය යටතේ මිනිසුන් මිනිසුන්ගෙන් පමණක් නොව සතුන්ගෙන් ද ප්‍රවේශම් විය යුතු ය.

ඔවුන් හා ගැවසීමේදීත් සෞඛ්‍ය නිතී රීති අනුගමනය කරමින් සිටිය යුතු වෙනු ඇත.

සතුන්ගෙන් මිනිසුන්ට ද බෝවීමේ අවදානමක් තිබෙන නිසා සුරතල් සතුන්ට කොවිඩ් එන්නත ලබා දිය යුතු දැයි ගැටළුවක් පැන නැඟි ඇති අතර සාමාන්‍යයෙන් නම් එන්නත් ලබා දීම අත්‍යාවශ්‍ය නොවන බව සමහර විද්‍යාඥයන් සඳහන් කරයි.

එහෙත් තවත් පිරිසක් පවසන්නේ සතුන්ට ගැලපෙන අන්දමේ කොවිඩ් එන්නත් නිපදවීමට අවධානය යොමු කළ යුතු බවයි.

විශේෂයෙන්ම වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින ගෝරිල්ලන්ට ද මිනිසුන්ට සේම ස්වස්න අබාධ වැළඳෙන නිසා කොවිඩ් වසංගතය ඔවුන් අතර පැතිරුණහොත් එය දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත කරනු ඇතැයි සත්ත්ව සංරක්ෂකයින් බිය පළ කරති.

මේ වන විට මෙරටද දෙහිව සත්වෝද්යානයේ සිටින ‘තෝර්’ නැමති සිංහයාටත් වයිරසය අසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර ඔහුව අනෙක් සිංහයින්ගෙන් වෙන් කර නිරෝධායනයට ලක් කර තිබේ.

තෝර්ට ප්‍රරතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සිය සහය ඉල්ලූ බව ඉන්දිය වෙබ් අඩවි වාර්තා කර ඇත. හුස්ම ගැනීමේ අපහසුවෙන් හා ආහාර අරුචියෙන් පෙලෙන තෝර්ව සුව කර ගැනීම සත්වෝද්යාන බලධාරීන්ගේ මෙන්ම රජයේ අවදානය යොමු වී ඇත.

අනෙක් සිංහයින් තවමත් සුවෙන් සිටියත් ඔවුන් වඩාත් ප්‍රශවේශම් කර ගත යුතුමය.

ප්‍රවෘත්තී නොබලන, අන් කිසිත් නොවැටහෙන සත්ත්වෝද්යානවල වේවා නිවසේ වේවා සිටින සතුන් සුරතලුන් රැක ගැනීම සියලු දෙනාගේම වගකීමකි.

පවනි උමයංගනා

අන්තර්ජාලය ඇසුරිනි.

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.