
ලෝකය වසඟ කළ කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් ගේ බිරිඳ නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙකු බිහි කර තිබේ.
එම දරුවන්ට නම් තබා ඇත්තේ, Thunder Bolt සහ Saint Leo Bolt යනුවෙනි.
34 හැවිරිදි උසේන් බෝල්ට් මෙම පුවත හෙළි කළේ, ඊයේ දිනට යෙදී තිබුණු පියවරුන්ගේ දිනයේදීය.
ඔහු සිය ඉන්ස්ටග්රෑම් ගිණූමෙහි නව නිවුන් දරුවන් දෙදෙනා, අවුරුද්දක් වයසැති දියණිය සහ සහකාරිය වන කාසි බෙනට් සමග සිටින ඡායාරූපයක් පළ කර තිබිණි.
කෙසේ වෙතත්, මෙම දරුවන් ඉපදුණු දිනය සම්බන්ධයෙන් එහි සඳහනක් කර නොතිබිණි.