
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ දක්වා කොවිඩ් වැළඳුණු දරුවන් 16කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.
අධ්යක්ෂවරයා සඳහන් කළේ, මේ වන විට කොරෝනා ආසාදිතව ළමුන් 160කට වැඩි සංඛ්‍යාවක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
එමෙන් ම, කොවිඩ් වැළඳුණු දරුවන් 25කට අධික සංඛ්‍යාවක් දෛනිකව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරෙන බවත් මේ වන විට ළමුන් සිව් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේය.
අධ්යක්ෂවරයා සඳහන් කළේ, කොවිඩ් වැළඳුණු දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් රෝහලේ ඇති බවත් මේ වන විට ඇඳන් 300ක ප්‍රමාණයක් ඔවුන් සඳහා සූදානම් කර ඇති බවත්ය.
“රෝග ලක්ෂණ තියෙනව නම් අනිවාර්යයෙන් රෝහලට එන්න. මේ දරුවන්ට කොරෝනා හැදෙන්නේ වැඩිහිටියන්ගේ නිවෙස්වල. ඒ නිසා රෝගය හැදෙන්නේ නැතිවෙන්න ආරක්ෂා කර ගන්න ඕන. ඊට අමතරව දරුවන්ට කිසි ම ආකාරයකින් වෛද්‍ය උපදෙස් නැතුව එකේ එක ඖෂධ වර්ග දෙන්න එපා,”
යනුවෙන් වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.