
චීනය සමග එක්ව ආරම්භ කර ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය හරහා හාරන ලද පස් සහ වැලි අදාළ චීන සමාගමට නොමිලේ ලබා දීමක් සම්බන්ධයෙන් දැනගන්නට ලැබෙන බව පැවසූ මාධ්‍යවේදියෙකු ඒ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළේය.
ඒ, අද (ජූනි 22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
එහිදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, එය ප්‍රතික්ෂේප කරන බව ය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“ඒක මම හිතන්නේ කාගේ හරි හිතළුවක් වෙන්නට ඕන, ක්‍රමවේදය මොකක් ද එහෙම කරනවා නම් මොකක් ද වෙන්න ඕන කියන එක.
මොක ද ඒ සම්බන්ධව ඉතාමත් ම පැහැදිලිව පරිසර අධිකාරිය, අනෙකුත් ඊට සම්බන්ධ සියලු දේත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒ කටයුත්ත කෙරෙන්නේ. ඒ නිසා පස් ගෙනියනව ද මම දන්නේ නෑ, ඇත්තට ම අපි එහෙම ලොකු දැනුවත් වීමක් නැහැ.
මම දන්නා තරමට මැෂින්ස් දෙකක් ගෙනැල්ලා තියනවා කිව්වා. ඒ මැෂින්ස් දෙක ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ තියන ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට.”
එසේත් නොමැතිව පරිසරයට හානි වන ආකාරයේ හෝ රටට බලපෑමක් වන ආකාරයේ වංක ලෙස කරන ව්‍යාපාරයක් හෝ සිදු නොවන බව අමාත්‍යවරයා පැවසීය.
තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි 20 වන දින ආරම්භ විය.