Home » ජෛව බුබුළෙන් පිට පැන එංගලන්තයේ වීථි සැරූ කුසල් සහ නිරෝෂන් ආපසු කැඳවයි

ජෛව බුබුළෙන් පිට පැන එංගලන්තයේ වීථි සැරූ කුසල් සහ නිරෝෂන් ආපසු කැඳවයි

by SKYY NEWS | SRI LANKA
0 comment 650 views
ජෛව බුබුළෙන් පිට පැන එංගලන්තයේ වීථි සැරූ කුසල් සහ නිරෝෂන් ආපසු කැඳවයි Skyylk News

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කාඩිෆ්හිදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහා ම මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම ක්‍රීඩකයන් රැඳී සිටිය යුතු ජෛව බුබුළෙන් පිටතට යාම හේතුවෙනි.

එංගලන්තයේ වීථියක අදාළ ක්‍රීඩකයින් දෙදෙනා සැරිසරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල ද හුවමාරු වෙමින් පවතී.

එමෙන් ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ද ඇත.

මේ වන විට මෙම තරගාවලියට අදාළව පැවති පන්දුවාර 20 තරග සියල්ලෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායම් පරාජයට පත් විය.

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.