විවිධ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සිය වැටුප කොවිඩ් මර්දනය වෙනුවෙන් පරිත්‍යාග කළ ද, තමාට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් සම්පූර්ණ වැටුප පරිත්‍යාග කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
තමාගේ වෘත්තිය වූ නීතීඥ වෘත්තියේ ඔහු මේ වන විට නියැලෙන්නේ නැති බවත් තමාගේ බිරිඳගේ ද සුළු වැටුප එකතු කර ජීවත් වන බැවින් ‘මට මෙච්චර අමාරු නම් රාජ්‍ය සේවකයාට කොච්චර අමාරු ද කියලා තමා දන්න නිසා’ රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් අඩක් පිරිනමන ලෙස තමා ඉල්ලීමක් නොකරන බව ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
- “විවිධ ඇමතිවරු, මන්ත්‍රීවරු විවිධ අය මේ කොවිඩ් වසංගතයක් එක්ක ඒ අයගේ පෞද්ගලික මත ප්‍රකාශ කරනවා. සමහර මන්ත්රීතුමාලා ඇමතිතුමාලා දැනට ම එයාලාගේ වැටුප පරිත්‍යාග කරනවා කියලා කියලා තියෙනවා. දැන් මං ගත්තොත් මගේ මුළු වැටුප පරිත්‍යාග කරන්න බෑ. මොක ද මට ඔච්චරයි තියෙන්නේ මං උසාවි යන්නෙත් නෑ දැන් ඒ නිසා මං වැටුපෙන් 50%ක් දෙනවා මුළු වැටුප දෙන්න විදියක් නෑ. මගේ වෘත්තිය නීතීඥ. මට දැන් ඒකෙන් ආදායමක් ලැබෙන්නේ නෑ. මගේ පියා ගිය අවුරුද්දේ මිය ගියා. ඔහුගේ සම්පූර්ණ ඉතිරි කිරීම් දාලා තිබ්බේ ද ෆිනෑන්ස් ආයතනයේ. ද ෆිනෑන්ස් එක කඩං වැටිලා ඒකෙන් එක සත භාගයක් ගන්න බෑ අපිට දැන්. මගේ නෝනා මහත්තයා පුංචි රස්සාවක් කරනවා. ඒ රස්සාවෙන් එන මුදල් ටිකත් එකතු කරලා තමා අපි ජීවත්වෙන්නේ. මේ කොවිඩ් වසංගතය තත්ත්වය තුළ මම තනියෙන් කල්පනා කරනවා මාත් කැපකිරීම් කරන්න ඕන. ඒ නිසා මගේ මේ මාසෙ වැටුපෙන් පරිත්‍යාග කරන්න බලාපෙරොත්තු වෙනවා. හැබැයි ඒක මට කියන්න බෑ රාජ්‍ය සේවකයන්ට කරන්න කියලා. මොක ද මට මෙච්චර අමාරු නම් තව කොච්චර අමාරු ද රාජ්‍ය සේවකයන්ට? ඒ හින්දා මම 50%ක් දෙනවයි කියලා රාජ්‍ය සේවකයොත් 50%ක් දෙන්න කියලා මම කියන්නේ නෑ. මොක ද මට මෙච්චර අමාරු නම් රාජ්‍ය සේවකයාට කොච්චර අමාරු ද කියලා මම දන්න නිසා.”
මේ අතර එදිනෙදා ජීවන ආදායම් මාර්ග අහිමි පුද්ගලයින්ට ලබා දීමට නියමිත රු.2000 දීමනාව ලබාදීම පිළිබඳව ද ඔහු එහිදී සඳහන් කළ අතර එහිදී ‘රු.2000ක් ඇත් ද මේ සතියට මිනිසුන්ට ජීවත්වෙන්න?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
- “අපි පන්දාහක් දුන්නා ලොක්ඩවුන් තියන හැම අවස්ථාවකදී ම. හතර පාරක් දුන්නා මාසෙට. අපි 4 පාරක් දුන්නා නම් මාසෙට හරියට බැලුවොත් සුමානෙට දෙන්න ඕන එක්දාස් ගාණක්. ඒත් අපි එහෙම නෙවේ. රටේ තියන තත්ත්වයත්, ලෝකෙ තියන තත්ත්වයත් බලලා සතියට 200ක් දුන්නා. ඒ කියන්නේ මාසෙට බැලුවොත් ඒක 8000ක් වෙනවා. ඒ නිසා 2000ක් ඇති කියලා කියන්නේ නෑ. හැබැයි වත්කමේ හැටියට තමා පින්කම. නමුත් ලෝකයේ වෙනත් තුන් වන ලෝකයේ රටවල් හා සංසන්දනය කරන කොට පඩි කපන්නෙත් නැතිව, කිසි ම කෙනෙක් රස්සාවෙන් දොට්ට දාන්නෙත් නැතිව කොවිඩ් වසංගත තත්ත්වය නිසා දෙන්න පුළුවන් සමෘද්ධි සහනාධාර, වැඩිහිටි දීමනා, වකුගඩු රෝග දීමනා ඒවාත් ඒ විදියට ම දෙමින් ඒ වගේ ම වගාවන්ටත් ආධාර කරමින් මේ විදියට කොවිඩ් තත්ත්වය නිසා එදිනෙදා වේල හම්බ කරන අයටත් දීමනාවක් දෙන එක ම ආණ්ඩුව. මං පිළිගන්නවා ඒක මදි. නමුත් වත්කමේ හැටියට තමා පින්කම.”