මේ මොහොතේ රට තුළ කිසිදු ඛනිජ තෙල් හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (20) උදෑසන “දෙරණ අරුණ” සමඟ එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දින 22කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 18කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට තුළ ඇති බවය.
මේ සතිය තුළ තවත් පෙට්‍රල් නැවක් මෙරටට පැමිණීමට නියමිත බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“මම ජනතාවට බොරුවක් කරන්නේ නෑ. ඛනිජ තෙල් හිඟයක් ඇති වෙනවා නම් වෙන කවුරුත් කියන්න කලින් ඒක මම රටේ ජනතාවට කියනවා. මේක මලින් කලිනුත් කියලා තියෙනවා. අපි මේ මොහොතේ දවස් 22කට ප්‍රමාණවත් ඩීසල් සහ දවස් 18කට ප්‍රමාණවත් පෙට්‍රල්. ඒ වගේම මේ සතියේ තවත් පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිතයි. එතකොට මේ ප්‍රමාණය තවත් ඉහළ යනවා. සාමාන්‍යයෙන් මේ වගේ තමයි තොග පවත්වා ගන්නේ. අපි වගේ දිළිඳු රටකට මාස ගණනන් ඉන්ධන තොග තබාගන්න බෑ…ඇත්තටම ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන ඉස්සෙල්ලාම ප්‍රකාශ කළේ මම. ඛනිජ තෙල්වලට රට තුළ තවමත් විකල්පයක් නොමැති නිසා ඩොලර් ප්‍රමුඛතා පදනමින් වෙන්කිරීමේ දී අංක එකේ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ තෙල්වලට. ඒ නිසා ඩොලර් හිඟය මැද වුණත් තෙල් හිඟයක් ඇති වෙලා නැත්තේ.”
Ada Derana