
දැනට ක්‍රියාත්මක සංචරණ සීමා 21 වන දින අලුයම 4.00ට ඉවත් කෙරුණු පසු පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ඒ.ඩී.ජී.සෙනවිරත්න මහතා පවසන්නේ, ජූනි 21 වන දා සිට ජූනි 23 වන දා දක්වා පමණක් මෙලෙස පාළත් තුළ දුම්රිය ධාවනය කෙරෙන වන බවය.
ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය 6ක්, කැලණි වැලි මාර්ගයේ දුම්රිය 4ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 4ක් සහ හලාවත මාර්ගයේ දුම්රිය 3ක් ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.