මිනීමැරුම් චෝදනාවකට වරදකරුවෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීමේදී නියමිත ක්‍රියාදාමය අනුගමනය කළේ ද? යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා තමන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, මරණීය දණ්ඩනය නියම වූ අයෙකුට සමාව ලබා දීමේදී එම නඩුව ඇසූ විනිසුරු මණ්ඩලයේ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් කැඳවිය යුතු බවත් එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඔහුගෙන් උපදෙස් ලබා ගත යුතු බවත් ය.
එමෙන් ම, එම උපදෙස් වාර්තාව ඉන්පසු අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කර සමාව ලබා දීම සඳහා ඔහුගේ නිර්දේශය ද ලබා ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
අදාළ ක්‍රමවේදය අනුව සමාව ලබා දීම සිදුවූයේ ද යන්න දැන ගැනීම මහ ජනතාවගේ අයිතියක් බව ද එම සංගමය පවසයි.
ඒ හේතුවෙන්, තම සංගමය ඒ පිළිබඳව මහ ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.