Home » බුබුළෙන් පිට පැන්න කුසල්, නිරෝෂන් සහ ධනුෂ්ක යළි දිවයිනට

බුබුළෙන් පිට පැන්න කුසල්, නිරෝෂන් සහ ධනුෂ්ක යළි දිවයිනට

by SKYY NEWS | SRI LANKA
0 comment 802 views
බුබුළෙන් පිට පැන්න කුසල්, නිරෝෂන් සහ ධනුෂ්ක යළි දිවයිනට Skyylk

ජෛව බුබුළෙන් බැහැර වී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කෙරුණු උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ආපසු මෙරටට පැමිණ තිබේ.

ඔවුන් අද මෙරටට ළඟා වූයේ පස්වරු 1.15ට පමණය. පසුව නිරෝධායනය වීම සඳහා මීගමුවේ පිහිටි හෝටලයක් වෙත ඔවුන් යොමු කරනු ලැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

පසුගිය ඉරිදා (ජූනි 27) එංගලන්තයේ ඩර්හැම්හි වීදියක සැරි සැරීම හේතුවෙන් ඔවුන් තිදෙනා යළි කැඳවනු ලැබූහ.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස කණ්ඩායම් කළමනාකරුට දැනුම් දී තිබේ.

මෙම ක්‍රීඩකයින් සම්බන්ධයෙන් මීට පෙර ද විවිධ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. 

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.