Home දේශපාලන පුවත් ලෝක බැංකුව සහ ADB සමග රනිල් කළ සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රගතිය (VIDEO)

ලෝක බැංකුව සහ ADB සමග රනිල් කළ සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රගතිය (VIDEO)

by Nipuni Kaushalya
0 comment 39 views
Ranil Wikkramasinghe - Gossip lanka News

බැංකුවල පවතින ඩොලර් හිඟය හේතුවෙන් විකල්ප මාර්ග මගින් මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (මැයි 15) ප්‍රකාශයක් කරමිනි.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අද සාකච්ඡා පැවැත් වූ බව ත් එහිදී ඔවුන් සෞඛ්‍ය, ආහාර සහ පොහොර සඳහා තවදුරට ත් ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ බව ත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ආධාර ප්‍රමාණය වැඩිවෙයි. ආර්ථික අංශයට ත් ඒ වගේ ම ආධාර දෙන්න යනවා. මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරපු රටවල් සියල්ල ම දැන් පියවර ගෙන යනවා ලංකාවට ආධාර උපකාර කරන්න.”

ඔහු පෙන්වා දුන්නේ, මෙරට මේ වන විට උද්ගතව ඇති ගැටලුව බලශක්ති ක්ෂේත්‍රයට එළඹෙන සතිය සඳහා ඉන්ධන ලබා ගැනීම බව ය.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරන ලද සමාලෝචන සියල්ල අවසන් කර ඇති බව ත් ඒ පිළිබඳව හෙට (මැයි 16) ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මේ අතර, ඔහු සඳහන් කළේ හෙට (මැයි 16) දිනයේදී 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව ත් අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ කෙටුම්පත සකස් කිරීමට පියවර ගන්නා බව ත් ය.

Video Link

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept