Home » විදේශ විනිමය නියෝගයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

විදේශ විනිමය නියෝගයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

by Gossip Lanka News
0 comment 650 views
විදේශ විනිමය නියෝගයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය Skyylk

ශ්‍රී ලංකාව තුළ දී දේශීය සමාගම්වලට විදේශීය අරමුදල් රැස් කර ගැනීම ඉහළ නැංවීම සඳහා අවස්ථාව ලබා දීමේ අරමුණින් 2021 අංක 2 දරන විදේශ විනිමය නියෝගය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, දැනට නිකුත් කර ඇති 2021 අංක 2 දරන විදේශ විනමය නියෝග සංශෝධනය කරමින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 (1) වගන්තිය යටතේ නියෝග නිකුත් කිරීමට සහ එම නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත.

2021 අංක 2 දරන විදේශ විනිමය නියෝග අනුව, විදේශ මුදලින් නිකුත් කරන ණයකර, මූලික කොටස් නිකුතුව, ලංභාංශ ගෙවීම, විදේශ මුදල් බෙදා හැරීමෙන් ලැබෙන මුදල් ව්‍යාපාරික විදේශ ව්‍යවහාර ගිණූමකට බැර කිරීමට අවසර හිමි නොවේ.

දේශීය සමාගම් විසින් නිකුත් කරනු ලබන විදේශීය මුදලින් නම් කළ කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට යෝජනාවක් කොළඹ කොටස් හුවමාරුව ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් කෙරෙහි උනන්දුව ඉහළ නැංවීම, රට තුළට විදේශ මුදල් ආකර්ශනය කර ගැනීම, එයට සහභාගි වන පිරිස වැඩි කිරීම, රුපියල මත පීඩනය අඩු කිරීම ඇතුළු කරුණු සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇත.

ඒ අනුව, එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ විධි විධාන සැලසීම සඳහා විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට අදාළ යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණඩලයට ඉදිරිපත් කර ඇත.

Leave a Comment

You may also like