ධූරයෙන් ඉවත් කළ කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතාගේ තනතුරට වෙනත් අයෙකු නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද (ජූනි 28) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.
අදාළ වාරණ නියෝගය ලබන 12 වන දා දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.
තව ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අය වෙත දිසා විනිසුරුවරයා නොතීසි නිකුත් කර ඇත.
2020 මැයි 20 වන දා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අවමන් සහගත අයුරින් බැන වැදුණේ යැයි චෝදනා කරමින් තමන්ව ඉවත් කොට එම පුරප්පාඩුව සඳහා වෙනත් අයෙකු පත් කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
ඒ අනුව, තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගය නීතියට පටහැනි බැවින් තමන්ව ඉවත්කොට එම පුරපාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.