Home » චිත්‍රපට දෙකක් ම කොරෝනා වසංගතය නිසා මග නැවතුණා – සංජානා ගමාරච්චි

චිත්‍රපට දෙකක් ම කොරෝනා වසංගතය නිසා මග නැවතුණා – සංජානා ගමාරච්චි

by SKYY NEWS | SRI LANKA
1 comment 1,454 views
නවක නිළි සංජානා ගමාරච්චිගේ 'හදගැස්ම' දිවිතුරා Skyylk

මේ දිනවල විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වී සිටින සුන්දර කෙළිලොල් යුවතිය සංජානා ගමාරච්චි.

නිරන්තරව ම සිනහවකින් මුව සරසාගෙන සිටින ඇය දිවිතුරා හි ටීනා වගේ ම දඟකාර චරිතයක් ද? ඇය ගැන තොරතුරු විමසන්න අපි සංජානාව කතාබහට එකතු කරගත්තා.

කොහොම ද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල කොරෝනා නිසා වැඩ කටයුතු නම් ටිකක් අඩුයි. ඒ නිසා ගෙදරට වෙලා ඉන්නවා.

දිවිතුරා ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද?

දිවිතුරා ටෙලිනාට්‍යයේ මගේ චරිතය ටීනා. ඇත්තට ම මගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. තුන්වන හතරවන කතාංග විකාශය වෙනකොට මිනිස්සු කතා වුණා ටීනා කියන්නේ කවු ද? ටීනාගේ චරිතය හොඳයි, ලස්සනයි කියලා. අදටත් ටීනා නිසා මේ ටෙලි නාට්‍ය නරඹන්න පෙලඹුණා කියලා කියන පිරිසක් සිටිනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තට ම සතුටුයි.

නවක නිළියක් විධියට දිවිතුරා වගේ දැවැන්ත ටෙලි නාට්‍යයකට සම්බන්ධ වීම තුළින් ඔබට ලැබුණු අත්දැකීම මොනවගේ ද?

මම මුලින් ම හිරු නාළිකාවේ හිරු අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. එහි ජයග්‍රහණය ලබාගන්නට නොහැකි වුණා. මෙය මම හිරු නාළිකාවත් සමග එකතු වෙලා කරන පළමු ටෙලි නාට්‍ය. ඒකත් මට ලොකු අත්දැකීමක්. මෙම ටෙලි නාට්‍යයේ සිටින ප්‍රවීණ නළු නිළියන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

ඔබ රංගනයෙන් දායකවෙන වෙනත් නිර්මාණ මොනවා ද?

මේ දවස්වල විකාශය වෙන්නේ දිවිතුරා ටෙලි නාට්‍ය පමණයි. තවත් නිර්මාණ කිහිපයක් ඉදිරියේදී විකාශය වෙන්න තිබෙනවා.

සිනමාවට පිවිසෙන්න ආරාධනාවක් ලැබුණේ නැද්ද?

සිනමාවට ආරාධනා ලැබුණා. චිත්‍රපට දෙකක් ම කොරෝනා වසංගතය නිසා මග නැවතුණා.

ඔබ ටික් ටොක්වල ප්‍රසිද්ධ චරිතයක්?

ගිය අවුරුද්දේ කොරෝනා කාලේ ටික් ටොක් ගොඩක් කළා. මිලියන එකක නැරඹුම් ලැබුණා මේ ළඟදී. මගේ ටික් ටොක් වටා ලොකු පිරිසක් රැඳිලා සිටිනවා.

ඔබ සංගීත් සතරසිංහ සමග ම නිතර ටික් ටොක් කරන්න විශේෂ හේතුවක් තිබෙනවා ද?

නැහැ. විශේෂ හේතුවක් නැහැ. රූගත කිරීම් අතරතුර අපි නිතර මුණ ගැසෙනවා. ඒ මුණ ගැසුණා ම සංගීත් අයියා එක්ක විනෝදයට ටික් ටොක් කරනවා. නමුත් ළඟදී ඒ වගේ ටික් ටොක් එකක් කරන්න වුණේ නම් නැහැ.

සංගීත් සහ ඔබ එකට යූ ටියුබ් චැනල් එකක් කරනවා ද?

සංගීත් අයියට වෙන ම යූ ටියුබ් චැනල් එකක් තිබෙනවා. මට වෙන ම යූ ටියුබ් චැනල් එකක් තිබෙනවා. අපි එක එක චැලෙන්ජ් කරද්දි එකට කරපු වීඩියෝස් තිබෙනවා.

ඔබේ යූ ටියුබ් චැනල් එකට ලැබෙන ප්‍රතිචාර මොනවගේ ද?

මම යූටියුබ් චැනල් එක ආරම්භ කරලා දැනට මාසයක් වැනි කාලයක් වෙන්නේ. ඒ කාලය ඇතුළත විශාල රසික රසිකාවියන් පිරිසක් මේ වටා එක්රොක් වුණා. මිනිස්සු හැම වෙලාවෙ ම ඉන්නේ ප්‍රශ්න එක්ක පීඩනයකින්. අපි බොහෝ වෙලාවට යූ ටියුබ් නාළිකාවක වීඩියෝ එකක් බලන්නෙ විනෝදයක්, සතුටක් ලබන්න. මම මගේ නාළිකාව තුළින් නිතරම මිනිස්සුන්ට හිනාවෙන්න විනෝදයක් ලබන්න පුළුවන් වීඩියෝ කරනවා. ඒක නිසා ම වෙන්න ඇති කෙටි කාලයක් තුළ විශාල පිරිසක් මගේ යූ ටියුබ් නාළිකාව එක්ක එකතු වෙලා සිටිනවා.

සංගීත් සමග ඔබේ ප්‍රේම සම්බන්ධයක් තිබෙනවා කියලා කතාවක් තිබෙනවා. ඒක ඇත්ත ද?

නැහැ. ඒක බොරු කතාවක්. අපි දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් නැහැ. අපි දෙදෙනා යහළුවන් පමණයි.

ඔබ විවිධ අවස්ථාවන්වලදී නිතරම සංගීත් සමගින් දකින්නට ලැබෙනවා. ඔබ දෙදෙනා හොඳට ගැළපෙන යුවළක් කියලා රසිකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඔබට එහෙම අදහසක් නැද්ද?

මගේ හිතේ නම් එහෙම අදහසක් නැහැ. අපි දෙදෙනා ම බොහෝ වෙලාවට එකට වැඩ කටයුතු කරන නිසා, බොහෝ දෙනා සිතනවා ඇති අප දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබෙනවා කියලා. නමුත් ඇත්තට ම එහෙම සම්බන්ධයක් අපි අතර නැහැ. අපි ගොඩක් හොඳ යහළුවන් පමණයි.

ඒ මිතුරුකම ඇති වුණේ කොහොම ද? අපි ඒ ගැනත් කියමු?

අපි වැකේෂන් කියලා ටෙලි නාට්‍යයක් කළා බෙලිහුල් ඔය පැත්තේ. ඒ ගමනෙදි තමයි සංගීත් අයියව මුලින් ම මුණගැසුණේ. එතනදි ඇති වූ යහළුකම තමයි මේ වෙනකන් පවතින්නේ.

මේ වෙන විට ඔබ පෙම්වතියක් ද?

නැහැ. මේ වෙන විට මට ප්‍රේම සම්බන්ධයක් නැහැ. බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා මට ප්‍රේමවන්තයෙක් සිටිනවා, සම්බන්ධයක් තිබෙනවා කියලා. ඒ නිසා ම මට ප්‍රේම ආරාධනා ලැබෙන්නෙත් නැහැ. මම තාම තනිකඩයි.

මොන වගේ ප්‍රේමවන්තයෙක්ව ද බලාපොරොත්තු වෙන්නේ?

මාව හොඳින් රැක බලාගන්න පුළුවන්, මාව තේරුම් ගන්න පුළුවන්, කෙනෙක්ට තමයි මම කැමති.

දැන් ම විවාහ වෙන්න අදහසක් තිබෙනවා ද?

නැහැ. මට තව ම අවුරුදු 24 යි. මම හිතනවා ඒ ගැන හිතන්න තව ටික කාලයක් තිබෙනවා කියලා.

ඔබ රංගනය හදාරනව ද?

මම ක්ෂේත්‍රයට එනවිට රංගනය හදාරලා තිබුණේ නැහැ. මම දැන් රංගනය හදාරමින් සිටිනවා.

ඔබ තව ම අධ්‍යාපන කටයුතුවල නියැළෙනවා ද?

රංගනය කටයුතුවලට මුල්තැන දීම නිසා මගේ අධ්‍යාපන කටයුතු දැන් අවුරුද්දක පමණ කාලයක සිට මග නතර වෙලා තිබෙන්නේ. මම උපාධිය සම්පූර්ණ කළේ නැහැ. ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයේ ම දිගට ම රැඳී සිටීමටයි මගේ කැමැත්ත තිබෙන්නේ. එම නිසා නැවත අධ්‍යාපන කටයුතුවලට යොමු වෙන්න අදහසක් නැහැ.

පවුලේ විස්තර?

මගේ අම්මයි තාත්තයි දෙදෙනා ම ගුවන් හමුදාවේ සේවය කරන්නේ. නමුත් දැන් පවුලේ සිටින්නේ මම, තාත්තා සහ නංගි පමණයි. මගේ මව දැනට මාස 10කට පමණ පෙර පිළිකා රෝගය වැළඳීමෙන් අපෙන් සමුගත්තා.

සංජානා කියන්නේ දඟකාර චරිතයක් ද?

මම ගොඩක් සංවේදී කෙනෙක්. නමුත් මම ටිකක් දඟකාර කෙනෙක්. ඒ වගේ ම මම හිතනවා මම කටකාර චරිතයක් කියලා. මොකද මම ගොඩක් කතා කරන කෙනෙක්.

ඉදිරි බලාපොරොත්තු මොනව ද?

මගේ රංගන ජීවිතය සාර්ථක කරගෙන ඒ තුළින් ඉදිරියට ම යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මගේ ම ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ දිනවල වැඩකටයුතු සම්පාදනය කරමින් පවතිනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

Leave a Comment

1 comment

අමරබන්දු ජූනි 23, 2021 - 5:29 පෙ.ව.

පට්ට කෑල්ල

Reply

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.