Home » හෙට සිට සීනි කිලෝව 130යි

හෙට සිට සීනි කිලෝව 130යි

by SKYY NEWS | SRI LANKA
0 comment 298 views
හෙට සිට සීනි කිලෝව 130යි Skyylk

30 දා සිට ලංකා සීනි සමාගම මගින් සීනි කිලෝ එකක් රුපියල් 125 ට නිකුත් කිරීමට තීරණය කල බව විෂය බාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට වෙළද පලේ සීනි මිල සීග්‍රයෙන් වැඩිවීම හේතුවෙන් මෙම පියවරගෙන ඇත. මේ වන විට වෙළද පලේ 200ත් 220ත් වැනි මිලට සීනි කිලෝවක් අලවි වේ. ඒ අනුව ලංකා සීනි සමාගමට අයත් සෙවනගල හා පැල්වත්ත යන සීනි කර්මාන්ත ශාලා මගින් ලංකා සතොසට, ලංකාව පුරා පිහිටි සමුපාකාර සහ බජට් ෂොප් සදහා ඇති තරම් සීනි ලබා දෙන බව අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

ඒ අනුව සතොස මගින් රුපියල් 130ට දුඹුරු සීනි කිලාවක් ලබාගත හැකි බවත් දුර ප්‍රමාණය අනුව ඒ ආසන්න මුදලකට සමූපාකාර මගින් දුඹුරු සීනි ඉදිරි දින කිහිපයේදී ලබාගත හැකි බවද කීය.

ලංකාවේ සියලු සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සීනි අවශ්‍යතාවයේන් 20% ක් පමණක් සැපයෙන බවත් ඒ අනුව ඉදිරියේදී ලංකා සීනි සමාගම මැදිහත් වී සුදු සහ දුඹුරු සීනි ආනයනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය වරයා වැඩිදුරටත් කීය. සීනි ආනයනයෙන් පසුව 130 ටත් වඩා අඩුවෙන් සීනි ජනතාව වෙත ලබාදිය හැකි බවත් මේ සියල්ල රාජ්‍ය යාන්ත්‍රණය මැදිහත්වි සිදු කරන බවද සදහන් කරයි. මෙහිදී සමූපාකාර නොමැති ප්‍රදේශ වලට යම්කිසි අපහසුතාවයක් සිදුවිය හැකි බව පවසන අමාත්‍ය වරයා ඒ සදහා ඉදිරියේදී නිසි වැඩපිළියවලක් සකස්කරන බවද පවසයි.

රටේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් අසීමිත ලෙස සීනි මිල වැඩිකර අසීමිත ලාබයක් ලබන බවත් එම නිසා සෘජුවම රජය මැදිහත්වී මේ තත්වය පාලනය කරන බවද අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරන ලදී.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.