හෙද නිලධාරීන් සහ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
අදාළ ගැසට් පත්‍රය රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇත.
ඒ අනුව, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව 2021 අප්‍රේල් මස 5 වන දින බලාත්මක වන බවත් හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව 2021 ජූනි 14 දින සිට බලාත්මක වන බවත් අදාළ ගැසට් පත්‍රයේ සඳහන් කර තිබේ.
මීට පෙර රජයේ සේවයේ නියුතු සියලු ම ශ්‍රේණිවල වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබිණ.
අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.