Home » ICC Hall of Fame විශිෂ්ටයින් අතරට කුමාර් සංගක්කාර ඇතුළත් කරයි

ICC Hall of Fame විශිෂ්ටයින් අතරට කුමාර් සංගක්කාර ඇතුළත් කරයි

by SKYY NEWS | SRI LANKA
0 comment 358 views
ICC Hall Of Fame විශිෂ්ටයින් අතරට කුමාර් සංගක්කාර ඇතුළත් කරයි Skyylk

ජාත්‍යන්තර වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ විශිෂ්ට මෙහෙවර සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිරිනමන ගෞරවනීය කීර්තියක් වන Hall of Fame විශිෂ්ට ක්‍රීඩකයින් අතරට කුමාර් සංගක්කාර ඇතුළත් කර තිබේ.

මෙය නිවේදනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, කුමාර් සංගක්කාර යනු මෙතෙක් බිහිවූ දක්ෂතම කඩුලු රකින්නෙකු මෙන් ම පිතිකරුවෙකු ද වූ කිහිප දෙනෙකු අතරින් එක් අයෙකු බවය.

වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ඔහු පන්දු වාර 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ නායකයෙකු, ලෝක කුසලාන එක්දින අනුශූරතාව දෙවරක් දිනූ නායකයෙකු මෙන් ම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි පිතිකරුවෙකු ලෙස ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

43 හැවිරිදි කුමාර් සංගක්කාර ටෙස්ට් තරග 134කදී ලකුණු 12400ක් රැස් කර ඇති අතර එක්දින තරග 404කදී ලකුණු 14234ක් රැස් කර තිබේ.

එක්දින වැඩි ම ලකුණුලාභීන් අතර ඔහු දෙවැන් වන්නේ සචින් තෙන්දුල්කාර්ට පමණි. ඊට අමතරව ටෙස්ට් වැඩි ම ලකුණුලාභීන් අතර ඔහු පසුවන්නේ 6 වන ස්ථානයේය‍.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට එක්වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාරය.

මීට පෙර මුත්තයියා මුරලිදරන් 2016 වසරේදී මෙම ගෞරවයට පාත්‍ර විය.

2021 වසර සඳහා මෙම ලැයිස්තුවට ඔස්ට්‍රේලියාවේ ස්ටැන් මැකබී, ඔස්ට්‍රේලියාවේ මොන්ටි නෝබල්, දකුණු අප්‍රිකාවේ ඕබ්‍රි ෆෝක්නර් සහ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ඇතුළත් කර තිබේ.

“Kumar Sangakkara is one of the finest wicketkeeper-batsmen that’s ever been produced.”

Sri Lanka great @KumarSanga2 is one of our special #ICCHallOfFame 2021 inductees ???? pic.twitter.com/TEg1HbuzID— ICC (@ICC) June 13, 2021

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.